රුපියල් 5000 ව්‍යාජ හොර නෝට්ටු බන්ඩල් 128ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

මුදල් නෝට්ටු ලෙස පෙනී යන පරිදි ව්‍යාජ ලෙස සකස් කළ නෝට්ටු බන්ඩල් 128ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දහවල් මෝටර් රථයක් පරික්ෂා කිරීමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ.
රුපියල් පන්දහසේ නෝට්ටුවක එක් පැත්තක් පමණක් මුද්‍රණය කර එවැනි නෝට්ටු දෙකක් උඩ සහ යට පෙනෙන ආකාරයට තබා සකස් කළ බන්ඩල් 128ක් බෑගයක් තුළ අසුරා ප්‍රවාහනය කරමින් තිබී ඇත.
සැකකරුවන් ජාඇල, අංගොඩ සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් ගමන් කළ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.
790 Views
Comments