ගෝඨාට ප්‍රභූ ආරක්‍ෂකයින් 226කට අමතරව තවත් හමුදා හා එස්ටීඑෆ් නිලධාරීන්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

ගෝඨාට ප්‍රභූ ආරක්‍ෂකයින් 226කට අමතරව තවත් හමුදා හා එස්ටීඑෆ් නිලධාරීන්

ගෝඨාට ප්‍රභූ ආරක්‍ෂකයින් 226කට අමතරව තවත් හමුදා හා එස්ටීඑෆ් නිලධාරීන්

ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන් 226 හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇතැයි යන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල සඳහන් කරයි.

 

මෙරට සිදුවූ බොහෝ දේ වලට වගකිවයුතු හිටපු ජනාධිපතිවරයාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් පමණක් 226 ආරක්ෂාවට යොදවා ඇති බවද පැවසූ ඇය හමුදාවේ ආරක්ෂාව ද විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ද ඊට අමතරව යොදා ඇතැයි ද කියා සිටියාය.



ප‍්‍රභූ ආරක්ෂක අංශ නිලධාරීන් 6000 ක ප්‍රමාණයෙන් විශාල පිරිසක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇතැයි ද ඇය පැවසුවාය.



ඇය මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

views

394 Views

Comments

arrow-up