තේ දලු‍ නෙලමින් සිටියදී බඹර ප්‍රහාරයකට ලක්ව අසාධ්‍යවූ ගැබිණි කාන්තාවට සීසර් සැත්කමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

තේ දලු‍ නෙලමින් සිටියදී බඹර ප්‍රහාරයකට ලක්ව අසාධ්‍යවූ ගැබිණි කාන්තාවට සීසර් සැත්කමක්

තේ දලු‍ නෙලමින් සිටියදී බඹර ප්‍රහාරයකට ලක්ව අසාධ්‍යවූ ගැබිණි කාන්තාවට සීසර් සැත්කමක්

ලුණුගල කොකාගල වතුයායේ තේ දලු නෙළමින් සිටි ගැබිණි මාතාවක් ඇතුළු කාන්තාවන් සිව් දෙනෙකුට 19 දා සවස එල්ල වූ බඹර ප්‍රහාරයකින් පසුව ඔවුන් සිව්දෙනා මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ගැබිනි මාතාව ඒ මොහොතේම බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

 

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මැටිගහතැන්න කොකාගල වතුයායේ දලු නෙළමින් සිටි කාන්තාවන් පිරිසකි.

 

බඹර ප්‍රහාරයට ලක්වීමෙන් ගැබිනි මාතාව බරපතළ තත්ත්වයේ පසුවූ අතර ඇය රෝහල්ගත කළ අවස්ථාවේම ඇයට සීසර් සැත්කමක් සිදුකර දරු ප්‍රසූතිය සිදු කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබිණි.

 

බඹර ප්‍රහාරවලට ලක් වීමෙන් මේ දිනවල දෛනිකව අති විශාල පිරිසක් රෝහල්ගත වන බව වතුකරයේ ජනතාව පවසති.

views

248 Views

Comments

arrow-up