ගුරු සේවයට කැමති රාජ්‍ය සේවයේ අයටත් අවස්ථාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

ගුරු සේවයට කැමති රාජ්‍ය සේවයේ අයටත් අවස්ථාවක්

ගුරු සේවයට කැමති රාජ්‍ය සේවයේ අයටත් අවස්ථාවක්

ගුරු සේවයට කැමැත්තෙන් සිටින රාජ්‍ය සේවයේ පිරිස් ඊට  අන්තර්ග්‍රහණය කිරීමට වැඩපිළිවෙලක්  යොදන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගෙන් පාර්ලිමේන්තුවේදී අද(21) ඉල්ලීමක් කළේය.

 

රටේ පාසල් බොහොමයක ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්විය හැකි ගුරුවරුන්ගේ බරපතළ හිඟයක් පවතින බවත්  රාජ්‍ය සේවයේ  පිරිස් බඳවා ගැනීමෙන් එම ගැටලුවද විසඳෙන බවත්  මන්ත්‍රීවරයා කීවේය.

 

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්තපැවසුවේ ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා මතු කරන ප්‍රශ්නය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.

 

ලබන වසරේ ජනවාරි සිට ගුරුවරුන් පිරිසක් අලුතින්  බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බවද  අමාත්‍යවරයා  සඳහන් කළේය.

views

245 Views

Comments

arrow-up