එස්.ටී.එෆ් මෙහෙයුමකින් රත්මලානේ කුඩු සහ ගංජා සමඟ දෙකක් මාට්ටු

රත්මලාන, ජයසුමන මාවත සහ වෙඩිකන්ද යන ප්‍රදේශවල සිදුකළ වැටලීම් වලින් හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා, කඩුවක්, තරාදි හා යතුරු පැදියක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලාන කුඩු අංජු නැමැත්තාගේ ගෝලයන් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය සඳහන් කරයි.
සැකකරුවන් දෙදෙනා සමඟ කේරළ ගංජා කිලෝ 5කට අධික ප්‍රමාණයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 104 ක්, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 30 ක්, විද්‍යුත් තරාදි 02 ක්, ජංගම දුරකථන 03 ක් සහ මත් ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 53600 ක මුදලක් හා කිසිදු බලපත්‍රයක් හෝ ලිපි ලේඛනයක් නොමැති යතුරුපැදියක්ද එස්.ටී.එෆ් භාරයට ගෙන තිබේ.
836 Views
Comments