ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයකදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිවුදෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත්, ඔහුව පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් ඩී. පී. පී. කරුණාරත්න මහතා අවසර ලබාදුන් බවත් අතුරුගිරිය පොලිසිය පවසයි.

 

අලුත්ගමදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු 24 හැවිරිදි වියේ පසුවෙයි.

 

වෙඩි තැබීම සඳහා යොදා ගත් උණ්ඩවල ණඡෂ ලෙස සටහන් කිරීම හා මෝටර් රථයකින් සැකකරුවන් රැඳී සිටි අතුරුගිරිය, ගල්පොත්ත පාර ප්‍රදේශයට ගොස් ඔවුන් ප්‍රවාහනය කර ඇත්තේ මෙම පුද්ගලයා බවට සැකකරන බව පොලිසිය අධිකරණයට ප්‍රකාශ කර තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් 17 වැනි සැකකරු ලෙස මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරියක ඇතුළු සැකකරුවන් 12 දෙනකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

තවත් සිව්දෙනකු මාස තුනක සිට රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යන බවද පොලිසිය කියයි.

 

මේ පිළිබඳව අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

views

154 Views

Comments

arrow-up