කාන්තාවක් අනතුරට ලක්කර පලා යාමට තැත්කළ මෝටර් රථයකට වෙඩි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

කාන්තාවක් අනතුරට ලක්කර පලා යාමට තැත්කළ මෝටර් රථයකට වෙඩි

කාන්තාවක් අනතුරට ලක්කර පලා යාමට තැත්කළ මෝටර් රථයකට වෙඩි

කාන්තාවක් 2024.12.10 වන දින අළුයම කඩුවෙල පොලිස් ස්ථානය වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් තමන් යතුරුපැදියකින් කඩුවෙල පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටින බවත් තමන්ව රිය අනතුරකට ලක්කර ඝාතනය කිරීම සඳහා පසුපසින් කාර් රථයක් පැමිණෙන බවත් ප්‍රකාශකර ඇත.

 

වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානයේ රාත්‍රී උපසේවයේ කාර්යය භාරය නිලධාරියා සහ ප්‍රධාන දොරටුවේ පොලිස් නිලධාරියා මාර්ගයට පිවිස ස්ථානාධිපතිවරයාගෙන් උපදෙස් ලබා සූදානමින් රැඳී සිට ඇති අතර අධික වේගයෙන් යතුරුපැදිය පසුපස පැමිණි කාර් රථය නැවැත්වීමට උත්සාහ ගැනීමේදී කාර් රථයේ රියදුරු පොලිස් නිලධාරීන්ද හප්පා පලා යාමට තැත්කර තිබේ.

 

පොලිස් ස්ථානයේ උපසේවයේ කාර්යයභාර නිලධාරියා එම අවස්ථාවේදී කාර් රථයට වෙඩි තබා ඇතත් කාර් රථය පලාගොස් ඇත.

 

‍මේ වනවිට 38 හැවිරිදි අදාළ කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගත කර තිබේ.

 

කාර් රථය සහ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මකය.

views

154 Views

Comments

arrow-up