රුසියානු බොරතෙල් නැව් 02ක් දිවයිනට

බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාව ඊයේ (13) රාත්‍රියේ මෙරටට ළඟා වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
එම නෞකාවේ බොරතෙල්වල ප්‍රමිති පරීක්ෂාව අද (14) දිනයේ සිදු කිරීමට නියමිතය.
මේ අතර මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසි දහසක් රැගත් තවත් බොරතෙල් නෞකාවක් මේ මස 23 සහ 29 වනදා අතර දිනක දී මෙරටට පැමිණීමට නියමිත බව ද එහි සඳහන්වේ.
මෙම නෞකා දෙකම රුසියානු බොරතෙල් රැගත් නෞකා බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ වැඩකටයුතු ඊළඟ සතියේ මැද සිට ආරම්භ කිරීමට හැකිවනු ඇති බව එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
225 Views
Comments