අපි ආණ්ඩුවක් හැදු වහාම රසායන පොහොර ලබා දෙනවා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

අපි ආණ්ඩුවක් හැදු වහාම රසායන පොහොර ලබා දෙනවා

අපි ආණ්ඩුවක් හැදු වහාම රසායන පොහොර ලබා දෙනවා

සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටු වූ වහාම ගොවියාට රසායනික පොහොර ලබාදෙන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

 

එමෙන්ම වගා හානි වූ ගොවීන්ට වගා වන්දි ලබාදෙන බවද ඔහු පවසයි.

 

වත්මන් රජය බලයට පැමිණියේ සුරංගනා ලෝකයක් පෙන්වා වුවද අද ඒ පොරොන්දු කිසිවක් ඉටු කර නැතැයිද මන්ත‍්‍රීවරයා කීය.

 

අද ජනතාව හාමතේ පෙළෙන බවත් රට හදන්න පුළුවන් එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බවත් පීඩාවට පත්ව සිටින ජනතාවට සේවය කිරීම සඳහා වෙහෙසෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

 

ඒ මහතා මේ බව සඳහන් කළේ බෙන්තර ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

views

731 Views

Comments

arrow-up