“අවුරුදු 60දී දේශපාලනයට සමුදෙනවා” හරීන් උපන්දිනයදා කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

“අවුරුදු 60දී දේශපාලනයට සමුදෙනවා” හරීන් උපන්දිනයදා කියයි

“අවුරුදු 60දී දේශපාලනයට සමුදෙනවා” හරීන් උපන්දිනයදා කියයි

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා තමා වයස අවුරුදු 60 දී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව අද විපක්ෂ නායකවරයා ඉදිරියේ සපථ කර සිටියා.

 

අද පෙරවරුවේ වත්තල ආසනයේ පැවැති සමගි ජන බලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී 43 හැවිරිදි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් වූ දිවුරුම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා වෙත භාර දීම ද සිදු කෙරුණා.

 

නව තරුණ පරපුරට දේශපාලනයට අවතීර්ණ වීමේ මංපෙත් විවර කර දීමේ අරමුණින් එලෙස තමා වයස අවුරුදු 60 දී දේශපාලනයෙන් සමුගන්නා බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

 

එවිට අනාගතයේ දී ගතික ආර්ථික සමාජ සහ දේශපාලන පරිසරයත් සමග අපේ රටට ඉදිරියට යාමට හැකි වන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසූයේ.

views

823 Views

Comments

arrow-up