මිදුලේ අතුගාමින් මිටි කාන්තාවගේ මාලය කඩාගත් කුඩුකාර සැකකරුට ලැබුණු දඬුවම
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

මිදුලේ අතුගාමින් මිටි කාන්තාවගේ මාලය කඩාගත් කුඩුකාර සැකකරුට ලැබුණු දඬුවම

මිදුලේ අතුගාමින් මිටි කාන්තාවගේ මාලය කඩාගත් කුඩුකාර සැකකරුට ලැබුණු දඬුවම

මිදුල අතුගාමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් තුන්ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රන් මාලයක් කඩාගෙන පැන දිවූ සැකකරුවෙකු අප්‍රේල් මස 20වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 

මෙලෙස් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. 

 

ගම්පොල කිරින්ද ගල්ගෙඩියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ගෙළ බැඳි රන් මාලය මොහු කඩා ගෙන තිබිණු අතර මෙම කාන්තාව උදෑසන මිදුල අතුගාමින් සිටියදී පුද්ගලයෙකු පිළිබඳව තොරතුරක් අසන මුවාවෙන් ඇය ළඟට විත් ඇය ගෙළ බැඳ තිබූ පවුම් තුනහමාරක් වටිනා රන් මාලය මෙලෙස කඩා ගෙන ගොස් තිබිණි. 

 

ඇයගේ කෑගැසීමට අවට සිටි පිරිස් විසින් පැන දුව යමින් සිටි සැකකරු අල්ලා මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවක ගැටගසා පසුව ඒ පිළිබඳව ගම්පල පොලිසිය වෙත දන්වා තිබේ. 

 

පොලිසිය පැමිණ ඔහු ළඟ තිබූ රන් මාලය සොයාගෙන ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කරණු ලැබීය.

 

සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවත් දිනකට රුපියල් පන්දහසක මත්පෙති හා කුඩු ග්‍රෑම් එකක් මොහුට අවශ්‍ය බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇත.

views

700 Views

Comments

arrow-up