ජනපති රනිල් ජපානයට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

ජනපති රනිල් ජපානයට

ජනපති රනිල් ජපානයට

තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) රාත්‍රියේ ජපානය වෙත යෑමට නියමිතය.

 

එහි දී රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට ද සහභාගිවීමට නියමිතය.

 

ඒ සඳහා රටවල් 217ක ආරාධිතයන් 700 දෙනෙකු පමණ සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

 

රනිල් වික්‍රමසිංහ මහතා එරට රැඳී සිටින කාලය තුළ ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා සහ ඉහළ පෙළේ නායකයන් රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

 

views

218 Views

Comments

arrow-up