හයිලන්ඩ් මහා වංචාවක සුලමුල මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

හයිලන්ඩ් මහා වංචාවක සුලමුල මෙන්න

හයිලන්ඩ් මහා වංචාවක සුලමුල මෙන්න

 

අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ සිදු කර ඇති විශාල ඉන්ධන වංචාව සම්බන්ධයෙන් සිදු කරන ලද පරික්ෂණ වාර්තාව තමන් වෙත ලැබි ඇති බවත්, එයට සම්බන්ධ සේවකයින් කිහිප දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බවත්, වංචාව සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ අංශයට පැමිණිල්ලක් සිදු කරන බව මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා පැවසිය.

 

රේණුක පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් අනතුරුව මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි.

 

අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ සේවකයින් සමගද සාකච්ඡා කල රේණුක පෙරේරා මහතා එම සේවකයින් හමුවේ කියා සිටියේ මෙම ආයතනය තුල කාර්යක්ෂමව අවංකව සේවය කර ලාභ උපයන ආයකනයක් බවට පත් කිරිමට කැපවිමෙන් කටයුතු නොකලහොත් අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාව පුද්ගලිකරණය කිරිමේ අවධානමක් ඇති විය හැකි බවයි.

views

289 Views

Comments

arrow-up