කොළඹ වරායට ආ ජපන් අමුත්තෝ

නිල සංචාරයක් සඳහා ජපන් ස්වයං ආරක්ෂක සාගරික බලකායේ මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයට අයත් යුද නෞකා දෙකක් කොළඹ වරායට සේන්දු විය.
මෙලෙස පැමිණි මයින්ස්වීපර් වර්ගයට “යුර්ගා” නෞකාව දිගින් මීටර 141ක් සහ මයින්ස්වීපර් වර්ගයට අයත් “හරාඩෝ” නෞකාව දිගින් මීටර 67 ක්වේ.
මෙම යුද නෞකා ද්විත්වය ඉකුත් පෙබරවාරි 28 කොළඹට නුදුරු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාව සමග ඒකාබද්ධ නාවික අභ්‍යාසයන්හි නිරත වූ අතර එහිදී උපායික නෞකා පෙළ හැඩ අභ්‍යාසය, නෞකා සංග්‍රාමික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම සහ නෞකා පෙළ ඡායාරූපකරණය ඇතුළු නාවික අභ්‍යාසයන් සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව මෙලෙස කොළඹ වරායට සේන්දු විය.
709 Views
Comments