රුපියල් මිලියන 400ක හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

අද උදෑසන කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය සහ කළුතර දිසා අපරාධ කොට්ඨාසය බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 40ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම මත්ද්‍රව්‍ය ජාවාරම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙහෙයවන බවයි.
පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 400ක් වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා සිටියේය.
860 Views
Comments