කොවිඩ් මරණ වලින් හදුනාගත් අලුත්ම තොරතුර සෞඛ්‍ය ඇමති හෙලි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

කොවිඩ් මරණ වලින් හදුනාගත් අලුත්ම තොරතුර සෞඛ්‍ය ඇමති හෙලි කරයි

කොවිඩ් මරණ වලින් හදුනාගත් අලුත්ම තොරතුර සෞඛ්‍ය ඇමති හෙලි කරයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් හා දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (22) විශේෂ අනාවරණයක් සිදුකලා.

 

 

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරිය පවසන්නේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති පුද්ගලයින් සහ මේවනවිටත් දැඩි සත්කාර ඒකකවල ආසාධ්‍ය තත්ත්වයෙන් පසුවන රෝගීන්ගෙන් අති  බහුතරයක් කොරෝනා මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබා ගෙන නොමැති බවයි.

 

 

සෞඛ්‍ය අංශවල දත්ත හා තොරතුරු වලින් ඒ බව අනාවරණ වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ. එබැවින් වයස අවුරුදු 60 ට වැඩි සහ විවිධ සංකූලතා ඇති ජනතාව එම එන්නත්කරණ වැඩසටහන්වලට සහභාගී වී එන්නත් ලබාගෙන තමන් මෙන්ම අන් අයත් ආරක්ෂා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය ඉල්ලීමක් ද කරනවා. කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම බව එතුමිය වැඩිදුරටත් පැවසීය.

views

887 Views

Comments

arrow-up