මෙවර ශ්‍රීපාද වන්දනාකරුවන්ට නිවේදනයක්

මෙවර ශ්‍රීපාද වන්දනාවේ නිරතවීමට අදහස් කරන සැදැහැවතුන් තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී සහතිකයක් රැගෙන පැමිණීම අනිවාර්ය කර තිබෙනවා
මෙවර ශ්‍රීපාද වන්දනා සමයේ පළමු දිනයේ උඩමළුවේ සිටිය යුතු උපරිම පිරිස දෙසීය දෙනෙකුට සීමාකර තිබෙනවා.
එමෙන්ම ආහාරපාන හා දන්සැල් තහනම් කර තිබෙනවා.ඒ වෙනුවට මුඛ ආවරණ හා අත් සේදුම් ද්‍රව්‍ය සැදැහැවතුන්ට බෙදාදීම සදහා අවසර හිමිවනවා.
ශ්‍රීපාදස්ථානයේ අවසර දී ඇති වෙළෙදසැල් සදහා දැඩි සෞඛ්‍ය නීති ක්‍රියාත්මක කිරීමටත් ඒවායේ සේවකයින් නිතර PCR පරීක්ෂණවලට යොමු කිරීමටත් නියමිතයි.
541 Views
Comments