නාපානේ හිමිගේ ආදාහන පූජෝත්සවය දා කහ කොඩි ප්‍රදර්ශනය කරමු

අපවත් වී වදාල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය යෙදෙන ලබන ඉරිදා දිවයින පුරා බෞද්ධාගමික නිවෙස්වල කහ කොඩි ප්‍රදර්ශනය කරන්නැයි මහා සංඝරත්නය ඉල්ලීමක් කරනවා.
පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ එදින පස්වරු 2 ට කුණ්ඩසාලේ වරාපිටිය බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී ආදාහන පූජෝත්සවය සිදු කිරීමට නියමිතයි.
නාපානේ පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය මේ වනවිට මැණික්හින්න ශ්‍රීකඩුව ශ්‍රී විද්‍යා සාගර පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.
695 Views
Comments