ගිනි අවියක් සමඟ සංවිධානාත්මක අපරාධකරුවෙකු පොලිස් අත්අඩංගුවට

පාතාලයේ ක්‍රියාකාරකම් රැසකට ඍජුව සම්බන්ධ වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන ලියනගේ හර්ෂ චතුරංග පෙරේරා නොහොත් "පෙතියාගොඩ සංඛ" නැමැත්තා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත්හ.
එම සැකකරුවන් සමඟ ටි 54 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 05ක් සහ ජංගම දුරකථන 02ක් පොලිසිය භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් ලද තොරතුරක් අනුව පෙතියාගොඩ සංඛ නමැත්තා මුල්ලේරියාව නවනගරය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අපරාධ සඳහා යොදා ගත් ගිනි අවිය පරකඩුව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට ලබාදී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම ගිනි අවියත් රැගෙන ත්‍රීරෝද රථයකින් සැකකරුවන් දෙදෙනා ඇහැලියගොඩ රත්නපුර මාර්ගයේ ත්‍රී රෝද රථයකින් පැමිණෙමින් සිටියදී ගල් පුස්සැල්ල වතුයාය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් තිදෙනා ම වැඩිදුර විමර්ශන සඳහා ඇහැලියගොඩ පොලිසියට භාර දී ඇත.
245 Views
Comments