12ට වැඩි දරුවන්ට MOH එකෙන් කොවිඩ් එන්නත
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
26

12ට වැඩි දරුවන්ට MOH එකෙන් කොවිඩ් එන්නත

12ට වැඩි දරුවන්ට MOH එකෙන් කොවිඩ් එන්නත

 

කොවිඩ් මර්දන එන්නත් නොගත් වයස අවුරුදු 12න් ඉහළ පාසල් දරුවන්ට ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් එන්නත් ගත හැකි බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේය. 

 

 

වරින්වර රට තුළ ඇති අර්බුදකාරි තත්ත්ව නිසා පාසල් දරුවන්ට ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙළ නතර කිරීමට වූ බවත් කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රා පාසල් දරුවන්ට ප්‍රශස්ත මට්ටමින් දීමට හැකි වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

 

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව ඊයේ (25) ප්‍රකාශ කළේය.

views

275 Views

Comments

arrow-up