තීරණයක් නොමැතිවම පක්ෂ රැස්වීම අවසන්

රටේ පවතින තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයකට නොපැමිණි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ අතර රටේ පවතින තත්වය සම්බන්ධයෙන් අද(06) සහ හෙට(07) තවදුරටත් විවාද කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
රටේ පවතින තත්වය සම්බන්ධයෙන් විවාද කර අවසන් තීරණයකට පැමිණීමට එහිදී තීරණය කෙරුණු බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(05) පස්වරුවේ රැස්විය.
මෙම රැස්වීමට ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයෝ රැසක් සහභාගිවූහ.
657 Views
Comments