ඉතුරු සල්ලි ඉල්ලූ ලංගම සේවකයින්ට පෞද්ගලික බස් රථ කොන්දොස්තර හා රියදුරු පහරදී මහ මග දමා ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

ඉතුරු සල්ලි ඉල්ලූ ලංගම සේවකයින්ට පෞද්ගලික බස් රථ කොන්දොස්තර හා රියදුරු පහරදී මහ මග දමා ගිහින්

ඉතුරු සල්ලි ඉල්ලූ ලංගම සේවකයින්ට පෞද්ගලික බස් රථ කොන්දොස්තර හා රියදුරු පහරදී මහ මග දමා ගිහින්

පුද්ගලික බස් රථයක නැගී තිස්සමහාරාමයේ සිට කතරගම ඩිපෝවේ රාජකාරියට වාර්තා කරමින් සිටි සේවකයින් තිදෙනෙකුට පුද්ගලික බස් කොන්දොරස්තරවරයෙකු හා රියදුරෙකු විසින් සිදුකළ පහරදීමක් සම්බන්දයෙන් තිස්සමහාරාම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

කතරගම ඩිපෝවේ සේවය කරන කොන්දොස්තර වරයෙකු ඇතුළු සේවකයින් තිදෙනෙක් රාජකාරියට වාර්තා කිරීම සඳහා 16 දින තිස්සමහාරාම නගරයේ සිට කතරගම බලා එන පුද්ගලික බස් රථයකට නැග තිබේ.

 

තිදෙනා තිස්සමහාරාමයේ සිය කතරගමට ටිකට් ලබාගැනීමට පුද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයාට රුපියල් 500ක මුදලක් තබාදී තිබේ.

 

රුපියල් 500 ලබාදී මඳ වේලාවක් ගියත් පුද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා ඉතුරු මුදල් ලබානොදීම නිසා මේ සම්බන්ධයෙන් විමසා තිබේ.

 

එහිදී පුද්ගලික බස් රථ කොන්දොස්තරවරයා හා කතරගම ඩිපෝවේ කොන්දොස්තරවරයා අතර බහින් බස්වීමක් ඇතිව තිබේ.

 

එහිදී පුද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා හා රියදුරු විසින් තිස්සමහාරාම අකුරුගොඩ උසාවිය හන්යේදී බස් රථය නවතා කතරගම ඩිපෝවේ සේවකයින් තිදෙනාට පහරදී බස් රථයෙන් බස්සවා තිබේ.

 

එහිදී පහරකෑමට ලක් වූ එක් ලංගම සේවකයෙකුගේ ජංගම දුරකතනයද අස්ථානගතව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කතරගම ඩිපෝවේ පහරකෑමට ලක් වූ සේවකයින් තිදෙනා තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පහරකෑමට ලක් වූ එක් සේවකයෙකු ප්‍රථිකාර සඳහා දෙබරවැව රෝහලට ඇතුලත් කර තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

views

157 Views

Comments

arrow-up