30ට අඩු අයට එන්නත ලැබෙන්නේ කවදාද?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

30ට අඩු අයට එන්නත ලැබෙන්නේ කවදාද?

30ට අඩු අයට එන්නත ලැබෙන්නේ කවදාද?

වයස අවුරුදු 18 - 30 අතර පුද්ගලයින් සඳහා එළඹෙන සැප්තැම්බර් මාසයේදී කොවිඩ් මර්දන එන්නත ලබාදීම ආරම්භ කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

 

සැප්තැම්බර් මාසය වන විට  මෙරටට තවත් සයි⁣නොෆාම් මාත්‍රා කෝටියක් සහ දෙසැම්බර් මාසය වන විට ෆයිසර් එන්නතේ මාත්‍රා මිලියන 18ක්ද ලැබීමට නියමිතයි.

 

වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසූයේ එන්නත ලබා ගත් සැනින් ප්‍රතිශක්තිය සිරුර තුළ නොවැඩෙන බවයි. ඔහු පැවසුවේ ප්‍රතිශක්තිය ඇති වීම සඳහා දෙවන මාත්‍රාවද ලබාගෙන තවත් සති දෙකක පමණ කාලයක් ගතවන බවයි.

views

1376 Views

Comments

arrow-up