දිස්ත්‍රික්ක කිහිපකට වැසි - මුහුදු ප්‍රදේශද විටින් විට රලු ස්භාවයක් ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

දිස්ත්‍රික්ක කිහිපකට වැසි - මුහුදු ප්‍රදේශද විටින් විට රලු ස්භාවයක් ගනී

දිස්ත්‍රික්ක කිහිපකට වැසි - මුහුදු ප්‍රදේශද විටින් විට රලු ස්භාවයක් ගනී

සබරගමුව පළාතේ සහ නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල වැසි ස්වල්පයක් ඇතිවේ.

 

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක.

 

කළුතර සිට ගාල්ලහරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල  වැසි ස්වල්පයක් ඇතිවේ.


 
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. ගාල්ල සිට  හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ   කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය  පැ.කි.මී. (30-40)  පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැක.  සෙසු  මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

 

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ පුත්තලම සිට මන්නාරම සහ   කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.  පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල  දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

 

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

views

903 Views

Comments

arrow-up