අස්වනු මිලදී ගෙන ජනතාවට නොමිලේ දෙන්න රජයේ සූදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

අස්වනු මිලදී ගෙන ජනතාවට නොමිලේ දෙන්න රජයේ සූදානමක්

අස්වනු මිලදී ගෙන ජනතාවට නොමිලේ දෙන්න රජයේ සූදානමක්

මේ වන විට දිවයින පුරා ආරම්භ වී ඇති අස්වනු නෙළීමේ කටයුතු හේතුවෙන් ඒවා විකුණා ගැනීමට නොහැකිව සිටින ගොවීන්ගෙන් අස්වනු මිලදී ගෙන මහ ජනතාවට නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

 

පරිසර අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර ඒ අනුව ඉදිරියේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වගා කර ඇති මඤ්ඤොක්කා, කෙසෙල්, පැපොල් වැනි පලතුරු හා එළවළු වර්ග තොග වශයෙන් මිලදී ගෙන ඒවා මහජනතාව අතර බෙදා දීමට නියමිතයි.

 

මේ අතර කොරෝනා වසංගතයට එරෙහිව කැපවෙමින් ටන් වදින සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල සේවකයන්ට ද එම අස්වනු නොමිලේ ලබාදීමට ජනාධිපතිවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වනවා.

 

මේ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කෘෂිකර්ම ඇමතිවරයා වෙත දන්වා තිබෙනවා.

views

2223 Views

Comments

arrow-up