කොවිඩ් ආසාදිතයින් 633 ක් පුර්ණ සුවය ලබයි

මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 633 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 48,617 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 7,183 ක් වනවා.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 56,076 ක්.
දෙවන කොවිඩ් රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත ආසාදිතයින් 52,202 ක් ලෙස වනවා.
දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 276 ක්.
666 Views
Comments