විනිසුරුවරියකට නොමනා කෙටි පණිවුඩ යැවූ 62 හැවිරිදි ලෝයර් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

විනිසුරුවරියකට නොමනා කෙටි පණිවුඩ යැවූ 62 හැවිරිදි ලෝයර් මාට්ටු

විනිසුරුවරියකට නොමනා කෙටි පණිවුඩ යැවූ 62 හැවිරිදි ලෝයර් මාට්ටු

මැසෙන්ජර් ඔස්සේ මහාධිකරණ විනිසුරුවරියකට ලිංගික හිංසනයට ලක්වන සේ කෙටි පණිවුඩ යැවූ බව කියන නීතිඥවරයකු පෙරේදා (21) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැවසීය.

 

රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 62 හැවිරිදි සැකකරු හලාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

2022 වසරේ දී මෙම නීතිඥවරයා විසින් තමා ලිංගික හිංසනයට ලක්වන සේ මැසෙන්ජර් ඔස්සේ කෙටි පණිවුඩ යොමු කළ බවට මහාධිකරණ විනිසුරුවරිය විසින් පැමිණිලි කර තිබිණි.

 

ඒ අනුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර නීතිපතිවරයා වෙත දැනුම් දී තිබේ. එහිදී නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ සැකකරු සිදුකර ඇති ක්‍රියාව ලිංගික අතවර කිරීමේ චෝදනා යටතට ගැනෙන අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකරන ලෙසය.

 

ඒ අනුව රහස් පොලිසිය, සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

views

65 Views

Comments

arrow-up