ශ්‍රී ලංකාවේ ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩ භාරගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

ශ්‍රී ලංකාවේ ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩ භාරගනී

ශ්‍රී ලංකාවේ ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩ භාරගනී

මෙරට ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ඊයේ (15) වැඩ භාර ගත්තාය.

 

මෙරට එකොළොස් (11) වැනි විභාග කොමසාරිස් ජනරාල් ධුරය හොබවන ඇය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවාවේ 2005 කණ්ඩායමේ සාමාජිකාවකි.

 

එම සේවාවේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක ද වන ඇය විභාග කොමසාරිස් ජනරාල් ධුරයට පත් වීමට පෙර විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය පාසල් විභාග ශාඛාව භාර විභාග කොමසාරිස්වරිය ලෙස මෙන් ම පාලන හා විමර්ශන ශාඛාව භාර විභාග කොමසාරිස්වරිය ලෙස ද කටයුතු කර ඇත.

 

කොළඹ ඩී.එස් සේනානායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ධුරය හා විදුහල්පති ධුරයත් හොබවා ඇති නව විභාග කොමසාරිස් ජනරාල්වරිය, ගාල්ල සංඝමිත්තා විදුහලේ ආදි ශිෂ්‍යාවකි.

 

රුහුණ විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ඇති ලියනගේ මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග්විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හිමි කරගෙන ඇත.

views

175 Views

Comments

arrow-up