රජය විසින් වෙන්දේසි කිරීමට තීරණය කල ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන ලැයිස්තුව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

රජය විසින් වෙන්දේසි කිරීමට තීරණය කල ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන ලැයිස්තුව මෙන්න

රජය විසින් වෙන්දේසි කිරීමට තීරණය කල ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන ලැයිස්තුව මෙන්න

ජනාධිපති කාර්යාලය සතු අධි සුඛෝපභෝගී වාහන සමූහයක් මහජන වෙන්දේසියේ විකිණීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිල වශයෙන් නිවේදනය කර ඇත.

 

මෙම තීරණය රජයේ වියදම් කපා හැරීමේ සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්තිය යටතේ ගෙන ඇති බව වාර්තා වේ.

 


විකිණීමට නියමිත වාහන විස්තර


විකිණීමට නියමිතව ඇති මෙම වාහන 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන වන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් තහවුරු කර ඇත. මෙම වාහන අතර ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී මෝටර් රථ සහ ජීප් රථ රැසක් පවතී.

 


විකිණීමට නියමිත වාහන ලැයිස්තුවේ පහත සඳහන් වාහන ඇතුළත් වේ:
 

 

  • බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02ක්
  • ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්
  • හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්
  • ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්
  • මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්
  • නිසාන් පෙට්‍රල් රථ 03ක්
  • නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්
  • පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්
  • ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්
  • ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්
  • V8 රථ 06ක්
  • මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක්


මෙම වාහන අතර පෝර්ෂ් කේයින් වැනි ඉතා අධි සුඛෝපභෝගී මෝටර් රථ ද, V8 එන්ජින් සහිත ඉහළ ශක්තියකින් යුත් වාහන ද ඇතුළත් වන අතර, මෙම වාහන බොහොමයක් ඉහළ මිල ගණන් සහිත, ධාවන වියදම් අධික වාහන ලෙස සැලකිය හැකිය.



මෙම වාහන වෙන්දේසියට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන්හි පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා ලබා ගත හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා සිටී.

 

උනන්දුවක් දක්වන පුද්ගලයින්ට ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ, 2වන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් මෙම ටෙන්ඩර් පත්‍රිකා ලබා ගත හැකිය.

 

එමෙන්ම, වෙන්දේසියට නියමිත වාහන පරීක්ෂා කිරීම සඳහා ද අවස්ථාව සලසා ඇත. ඒ අනුව, මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට අවස්ථාව ලබා දී ඇත.

 

මෙම ක්‍රියාවලිය මගින් ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට පෙර වාහන පිළිබඳ තොරතුරු සොයා බැලීමට මිලදී ගැනීමට කැමති පාර්ශවයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

views

83 Views

Comments

arrow-up