කැබ් රථයක් ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරින් දෙදෙනෙකුට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

කැබ් රථයක් ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරින් දෙදෙනෙකුට තුවාල

කැබ් රථයක් ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරින් දෙදෙනෙකුට තුවාල

අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ, මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තකට පෙරළී අනතුරක් සිදුව ඇත.

 

අද (16) අලුයම 4ට පමණ හැටන් ස්ත්‍රැඩන් වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.

 

අනතුරෙන් කැබ් රථයේ රියදුරා සහ කැබ් රථයේ ගමන් ගත් අයෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලීසිය පැවසීය.

 

හැටන් ප්‍රදේශයේ ජනපද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවල අලිගැටපේර මිලදී ගෙන ඒවා අලෙවිකිරිම සඳහා කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් තිබූ අතරතුර මෙම අනතුර සිදුව ඇත.

 

අනතුර පිළිබද පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය කියා සිටියේ, කැබ් රථය අනතුරට පත්වන අවස්ථාවේ කැබ් රථය තුළ සිව් දෙනෙකු ගමන්කළ බවය.

views

142 Views

Comments

arrow-up