රටින් යද්දී ඩොලර් 60ක බද්දක් ගෙවන්න ඕන ද?
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

රටින් යද්දී ඩොලර් 60ක බද්දක් ගෙවන්න ඕන ද?

රටින් යද්දී ඩොලර් 60ක බද්දක් ගෙවන්න ඕන ද?

 

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළකින් හෝ වරායකින් පිටත්ව යන පුද්ගලයින් විසින් ඩොලර් 60ක අපගමන බද්දක් ගෙවිය යුතු බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

 

සභාපතිවරයා සඳහන් කර සිටින්නේ නව රජය විසින් මෙරටින් පිටව යන පුද්ගලයින් සඳහා නව බදු පැනවීමක් සිදුකර නොමැති බවයි. එමෙන්ම මෙම අපගමන බද්ද පැරණි එකක් වන බවත් එය ගුවන් මගියාගේ ගුවන් ප්‍රවේශපතට ඇතුලත්වී ඇති ගාස්තුවක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.  

 

ගෙවිය යුතු අපගමන බද්ද සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කර ඇති අතර එමගින් මත්තල ගුවන් තොටුපොළ හරහා ගුවන් ගතවන මගීන් එම බද්දෙන් නිදහස් කර ඇත.

views

181 Views

Comments

arrow-up