විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් මාතලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය මාතලේ, උකුවෙල, ඇල්වල, ප්‍රදේශයේ “හෙර්ස් ජොබ්” නමින් ඒජන්සි ආයතනයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
වලංගු බලපත්‍රයක් නොමැතිව සැකකාරිය එම විදේශ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇති බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
එම ස්ථානයේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 53ක්, රැකියා අයදුම්පත් 26ක්, මුදල් ලබාදුන් බවට සඳහන් රිසිට්පත් ඇතුළු තවත් ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබෙනවා.
විදෙස් රැකියා ලබා දෙන බව පවසා රැකියා පුද්ගලයින්ගෙන් රුපියල් හතලිස් අට ලක්ෂ 48,000 ක මුදලක් සැකකාරිය ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වූ බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සදහන් කළේ.
315 Views
Comments