“ඩයනාගෙන්ම අහගන්න එයා හරියටම කියයි” - හරින් හේෂාට කියයි

සංචාරක කටයුතු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ ගේ නව සංචාරක ව්‍යාපෘතිය ගැන ඇයගෙන්ම අහගන්නැයි සංචාරක කැබිනට් ඇමැති හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
එහිදී ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශ කළ ‘සබඳ අපි කුදු නොවෙමු’ යන ප්‍රකාශයද සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
හේෂා විතානගේ - මේ දවස්වල ඔබතුමාගේ රාජ්‍ය ඇමැතිනිය විශාල ප්‍රචාරයක් මාධ්‍ය මගින් ලබාදෙමින් අලුත් ව්‍යාපෘතියක් ප්‍රමෝට් කරනවා. ඒක සදාචාරාත්මක ද නැද්ද කියන ප්‍රශ්නය තිබෙනවා.
ඇමැති හරීන් ප්‍රනාන්දු - එතුමියගේ ප්‍රකාශය ගැන එතුමියගෙන් අහන්න ඕනා. ලංකාවේ මිනිස්සු සමහර දේවල්වලට මඩ ගහන්න උත්සාහ කරනවා. ඔබතුමාලගේත් ඔය ගෲප්වල අපිට අලුත් විදිහට මඩ ගහලා තිබෙනවා. සබඳ කුදු වෙනවාද, සබඳ කඳු වෙනවාද, සබඳ කුඩු ගහනවාද කියන එකත් ගැන කතා කරලා තිබෙනවා. සමහර පක්ෂවලින් ගහන මඩ කැතයි. ඩයනා ඇමැතිතුමියගෙන් ඒ ගැන අහන්න. එතුමිය හරියට කියයි.
218 Views
Comments