සතොසේ බඩු මල්ල අලුත් වේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

සතොසේ බඩු මල්ල අලුත් වේ

සතොසේ බඩු මල්ල අලුත් වේ

උත්සව සමය සඳහා සකසා අලෙවිසල් වලින් ලබාදුන් සහන මල්ලේ සම්බා සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 10 දක්වා ඉහළ දමා තිබෙනවා.

 

මීට අමතරව සහන මල්ල සඳහා සීනි මිලදී නොගන්නා පාරිභෝගිකයන්ට සහල් කිලෝ ග්‍රෑම් දෙකක් අමතරව ලබා දෙනවා.

 

මේ පිළිබඳව පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළඳ අමාත්‍යවරයා

 

"රුපියල් 1,998 සහන මල්ල තුළ සම්බා කිලෝ 10ක් ලබාදුන්නා. ඒ සහන මල්ල සකස් කරන විට දේශීය දුඹුරු සීනි තමා අපි කිලෝ 2ක් ලබා දෙන්නේ. සමහර වෙළෙඳසැල්වලට ඒ දේශීය දුඹුරු සීනි ප්‍රමාණවත් ලෙස තොග නොලැබුණාම සහන මල්ල ලබාගන්න කෙනාට සීනි වෙනුවට මොකද කරන්නේ කියන ප්‍රශ්නය පැන නැගුනා.  ඒ නිසා හෙට සිට දෙසැම්බර් 31වනදා තෙක් සහන මල්ලට සීනි මිලදී නොගන්නා පුද්ගලයින්ට 1,998 මිලටම තවත් සම්බා කිලෝ 2ක් වැඩිපුර ගන්න පුලුවන්. 

ඊට අතිරේකව හෙට දිනයේ සිට දෙසැම්බර් 31 දක්වා සතොස වෙළෙඳසැල් තුළ සමාන්‍ය පාරිභෝගිකයින්ට මෙතෙක් ලබාදුන්  සහල් කිලෝ 5 වෙනුවට සහල් කිලෝ 10 බැගින් ලබාදීමටත් කටයුතු කරනවා. ඒ අනුව ලබන්නා වු අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 130ක මිලට සතොස මගින් සුපිරි සම්බා කිලෝ 10 බැගින් ලබාගැනීමට පුලුවන්. ඒ දෙසැම්බර් 31 දක්වා පමණයි."

 

views

825 Views

Comments

arrow-up