APR
19
ඉන්ධන නෑ.. - සුරාබදු වැටලීමුත් නෑ

සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉන්ධන හිඟය නිසා විශාල වශයෙන් අඩපණව ඇති බව වාර්තා වනවා.
සාමාන්‍යයෙන් අවුරුදු සමයේදී සුරාබදු දෙපාර්තමේන්තුව වැටලිම් රාශියක් සිදු කරන අතර ඉන්ධන හිඟය හේතුවෙන් එම වැටලීම් සාමාන්‍ය ආකාරයට කිරීම දුෂ්කරව ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර, මත්පැන් අලෙවිසල්වල මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීමේ කටයුතු සඳහා සුරාබදු නිලධාරීන් විශාල පිරිසක් දිවයින පුරා යෙදවීම නිසාද වැටලීම් බොහොමයක් අඩාල වී ඇති බවත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.
656 Views
Comments