ඡන්දදායකයෝ ඡන්දය තියන්න මැතිවරණ කොමිසමට මුදල් යවලා

මැතිවරණය යනු ව්‍යවස්ථානුකූලව ජනතාවට ලැබී ඇති මූලික අයිතිවාසිකමක් බව පවසා, අද (22) දින ඡන්දදායකයින් පිරිසක් පාදුක්ක තැපැල් කාර්යාලය වෙත පැමිණ, රුපියල් සියයේ සිට රුපියල් පන්සීය දක්වා මුදල් ඇණවුම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නමට යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
මැතිවරණය පවත්වා ජනතා අයිතීන් රැකදීම රජයේ වගකීමක් වන බවත් එලෙස තම මූලික අයිතිය රැකදීමට රජයට මුදල් නොමැති බව පවසන බැවින්, එම අයිතීන් රැකගැනීම වෙනුවෙන් තමන් විසින්ම උපයාගත් මුදල් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යැවීමට කටයුතු කරන බවත් මෙම ඡන්දදායකයින් පිරිස අවධාරණය කර ඇති බව සඳහන් වේ.
212 Views
Comments