විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොවිඩ් එන්නත ලබාගනී

සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ(03) කොවීඩ් එන්නත ලබාගැනීමට කටයුතු කළේය.
වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත තමන් එන්නත ලබා ගැනීමට කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබිණ.
“මට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම අද එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි.
එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ.
මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව මම ඔවුන්ගේ නියමයට එකඟ වූයෙමි.”
ලෙස එන්නත ලබාගැනීමෙන් පසුව විපක්ෂනායකවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි.
729 Views
Comments