විශ්වවිද්‍යාල ගුරුවරුනුත් වර්ජනයක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශාම බන්නැහැක මහතා ප්‍රකාශ කළේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් අද සිට ඔන්ලයින් අධ්‍යයන කටයුතු වලින් ඉවත් වන බවයි.
මහාචාර්යවරයා පවසා සිටියේ මෙම පනත මගින් නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය වන බවයි.
ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මෙම පනත සංශෝධන සහිතව හෝ ගෙන ඒම වැළැක්විය යුතු බවයි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසා සිටියේය.
821 Views
Comments