ආණ්ඩුවේ වාහනයක් හොරෙන් අරන් ගමේ ගිය ආරක්ෂක ලොක්කෝ 2ක් රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

ආණ්ඩුවේ වාහනයක් හොරෙන් අරන් ගමේ ගිය ආරක්ෂක ලොක්කෝ 2ක් රිමාන්ඩ්

ආණ්ඩුවේ වාහනයක් හොරෙන් අරන් ගමේ ගිය ආරක්ෂක ලොක්කෝ 2ක් රිමාන්ඩ්

පසුගිය 20 වැනිදා රාත්‍රියේ නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගණයේ නවතා තිබූ නිල රථයක් රහසිගතව රැගෙන ගම්බිම් බලා ගොස් දින තුනකට පසුව නැවත පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ නීතිපති දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා හා ආරක්ෂක කළමනාකාරවරයා ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

 

ලැබුණ රහසිගත තොරතුරක් අනුව වැටලීමක් සිදුකළ කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (23) උදෑසන නීතිපති දෙපාර්තමේන්තුව අසලදි එම වාහනය සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

 

පොදු දේපළ පනත යටතේ ගැනෙන සාවද්‍ය පරිහරණය හා සාවද්‍ය විශ්වාසය කඩකිරීමේ චෝදනා යටතේ එම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

views

179 Views

Comments

arrow-up