ශ්‍රී ලාංකිකයින් රැසකට පෝලන්තයේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා ඉලක්ක ගත ක්ෂේත්‍රවල රැකියා ලබාදීම සම්බන්ධයෙන් පෝලන්තයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
දෙරට අතර ගිවිසුමක් යටතේ මෙම රැකියා පිරිනැමීමට නියමිතය.
පෝලන්තයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව සිය "X" ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඒ බව සඳහන් කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයට ඇතුළුවීමට වීසා පහසුකම් ලිහිල් කිරීමට ද එම සංචාරයේ දී අවධානය යොමුව තිබේ.
කෙසේවෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් පෝලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රතිචාරයන්ට ස්තූතිය පළ කරන බව ද විදේශ අමාත්‍යවරයා සිය "X" ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
238 Views
Comments