රෝහල්වල නේවාසික රෝගීන්ට ආහාර සැපයුමත් සීමා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

රෝහල්වල නේවාසික රෝගීන්ට ආහාර සැපයුමත් සීමා වෙයි

රෝහල්වල නේවාසික රෝගීන්ට ආහාර සැපයුමත් සීමා වෙයි

ආහාර ද්‍රව්‍ය මිල ඉහළයාම සහ ගෑස් අර්බුදය හේතුවෙන් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට ආහාර සැපයීම ද ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ.

 

කොළඹ ජාතික රෝහල, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම අපේක්‍ෂා රෝහල, කළුබෝවිල ශික්‍ෂණ රෝහල ආදී ප්‍රධාන රෝහල මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය රෝහල් රැසක මෙම තත්වය මතුව ඇති බව සඳහන්ය.

 

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් වන රෝගීන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට ලබාදෙන ආහාර මාස හතරක පමණ කාලයක් තිස්සේ සීමා කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.

 

මේ වන විට එළවළු වර්ග දෙකකින් පමණක් සමන්විත ආහාර වේලක් රෝගීන්ට ලබාදෙමින් ඇති බවත්, ඔවුන්ට අවශ්‍ය පෝෂණීය ආහාර ලබාදීමක් නොවන බවත් එම ප්‍රකාශකයා කීවේය.

 

වට්ටක්කා, පරිප්පු, අල, අඹ, කැරට් ආදී වෑංජන දෙකක් මිස මාළු පෙත්තක් හෝ බිත්තරයක් ලබා දීම මෙන්ම  මීට පෙර රෝගීන්ට ලබාදුන් පළතුරු, යෝගට් ආදී අතුරුපස ලබාදීම ද නවතා ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය.

 

දියවැඩියා සහ වකුගඩු රෝගවලින් පෙළෙන රෝගීන්ට නිසි ආහාර වේලක් ලබා නොදෙන අතර සෞඛ්‍ය සේවකයින්ට පොල් සම්බෝල, පිපිඤ්ඤා, අර්තාපල් සහ වට්ටක්කා ආදිය සමඟ බත් පිරිනමන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

views

261 Views

Comments

arrow-up