මඩකලපු මුහුදේ නැංගුරම්ලා ඇති යාත්‍රාව යුධ නැවක් නෙවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

මඩකලපු මුහුදේ නැංගුරම්ලා ඇති යාත්‍රාව යුධ නැවක් නෙවෙයි

මඩකලපු මුහුදේ නැංගුරම්ලා ඇති යාත්‍රාව යුධ නැවක් නෙවෙයි

මඩකලපුව වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ නැංගුරම්ලා ඇති යාත්‍රාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

 

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට බංග්ලාදේශය දක්වා ගමන් කරමින් තිබූ එම යාත්‍රාව ඉන්ධන හිඟයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර මෙලෙස නැංගුරම් ලා ඇති බව සඳහන්ය.

 

 

අදාළ යාත්‍රාව කැනීම් කටයුතුවල නිරතව සිටි බවට සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍යවල වාර්තා පළවී තිබූ අතර ඒවා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

views

725 Views

Comments

arrow-up