කේරළ ගංජා තොගයක් සමඟ ‍පුද්ගලයින් දෙදෙනෙක් යාපනයේදී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

කේරළ ගංජා තොගයක් සමඟ ‍පුද්ගලයින් දෙදෙනෙක් යාපනයේදී අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමඟ ‍පුද්ගලයින් දෙදෙනෙක් යාපනයේදී අත්අඩංගුවට

රුපියල් මිලියන 78 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් ‍දෙදෙනෙකු යාපනය ප්‍රදේශයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

යාපනය අනලතිව් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ අද (03) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇති බව සඳහන් වේ.

 

එහිදී කිලෝග්‍රෑම් 197කට අධික කේරල ගංජා තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

 

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කරෙයිනගර් පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව පැවසුවේය.

views

93 Views

Comments

arrow-up