උදැල්ලකින් පහරදී තරුණයෙක්ව මරා දමලා - කාන්තාවන් දෙකක් ඇතුලු 07ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

උදැල්ලකින් පහරදී තරුණයෙක්ව මරා දමලා - කාන්තාවන් දෙකක් ඇතුලු 07ක් අත්අඩංගුවට

උදැල්ලකින් පහරදී තරුණයෙක්ව මරා දමලා - කාන්තාවන් දෙකක් ඇතුලු 07ක් අත්අඩංගුවට

ගොකරැල්ල ප්‍රදේශයේදී 26 හැවිරිදි තරුණයෙකුට උදැල්ලකින් සහ තියුණු ආයුධ වලින් සහ පොලු‍ වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය කියයි.

 

සැකකරුවෙකු විසින් ඊයේ(08) රාත්‍රියේ මෙම තරුණයා යතුරුපැදියකින් හප්පා පලා ගොස් ඇති බවත් තමා හප්පා පලා යාමට හේතුව විමසීමට තරුණයා සැකකරුගේ නිවසට ගොස් සිටියදී පිරිස  තරුණයාට මේ අයුරින් පහරදී ඝාතනය කර ඇති බවටත් තොරතුරු හෙළිව ඇතැයි පොලිසිය පවසයි.

 

ගොකරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

228 Views

Comments

arrow-up