පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා යන්න හැදූ මත්ලෝලියා අනෙක් මත්ලෝලීන් අතින් අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා යන්න හැදූ මත්ලෝලියා අනෙක් මත්ලෝලීන් අතින් අවසන් ගමන් යයි

පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා යන්න හැදූ මත්ලෝලියා අනෙක් මත්ලෝලීන් අතින් අවසන් ගමන් යයි

මීගමුව දළුපොත පිහිටුවා ඇති “බෙටිස්ඩා” නමැති මත්ලෝලීන් පුනරුත්ථාපනයට ලක්කරන පෞද්ගලික පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මිදී පලා යෑමට තැත් කළ බව කියන 42 හැවිරිදි මත්ලෝලියකුට එම මධ්‍යස්ථානයේ රඳවා සිටින සෙසු මත්ලෝලීන් විසින් එක්ව කළ පහරදීමෙන්  ඝාතනයට ලක්ව ඇතැයි මීගමුව පොලිසිය පැවසීය.

 

ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ මිරානියා වීදියේ අංක 181 දරණ ස්ථානයේ පදිංචිව සිටි අයෙකි.

 

 මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා විසින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට සහ එම ඝාතනය සිදු වූ බව කියන පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගොස් පසුගිය 21 වනදා මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීය.

 

එහිදී මරණයට පත්වූ මත්ලෝලියාගේ අත් පා බැඳ දමා ඇති සලකුණු වැඩබලන මහෙස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා නිරීක්‍ෂණ කිර තිබේ.

 

ඝාතනයට යොදාගත් බවට සැකකරන ඇඳ ඇතිරිලි දෙකක් පොලිස් භාරයට ගෙන ඇති අතර එම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වා එහි වෛදයය වාර්තාව අධිකරණය වෙත යොමු කිරීමට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛසවරයාට වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. 

views

625 Views

Comments

arrow-up