පෞද්ගලික බස් සේවකයෝ රජයෙන් වැටුපක් ඉල්ලති

බස්රථ සේවකයින් සඳහා රුපියල් පහලොස් දහස බැගින් මාස දෙකක් සඳහා හෝ වැටුපක් ගෙවන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා පුද්ගලික් බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
වසරක පමණ කාලයක් තිස්සේ බස් රථ සේවාවලට සම්බන්ධ 60,000ක් පමණ දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට පත්ව ඇති බවයි එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කළේ.
“අපි රජයෙන් ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංගම සේවකයින්ට වැටුප් දෙනවා වගේ මාසිකව රු 15,000ක මුදලක් මාස දෙකකටවත් ලබාදෙන්න කියලා.
අද දිනයේදීත් අන්තර් පළාත් බස්රථ ධාවනය වෙන්නේ නෑ. හැබැයි සමහර අන්තර් පළාත් බස් රථ හිමියන් කිහිපදෙනෙකුට විතරක් ප්‍රධාන රෝහල්වලින් සහ රජයේ අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්තමේන්තු සඳහා බස් රථ ධාවනයට ඉඩදීලා තිබෙනවා.”
761 Views
Comments