ඇල්ලේ ගිය සංචාරකයාට සිදුවු අකරතැබ්බය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

ඇල්ලේ ගිය සංචාරකයාට සිදුවු අකරතැබ්බය

ඇල්ලේ ගිය සංචාරකයාට සිදුවු අකරතැබ්බය

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කළ මගී ප්‍රවාහන දුම්රියේ ගමන් කළ ඉන්දියානු ජාතිකයෙකුගේ අස්ථානගත වු ගමන් බෑගය පැය කිහිපයක් තුළ සොයා ගැනීමට හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා සහ වටවල පොලීසියේ නිලධාරීන් සමත් වී තිබේ. 

 

ඇල්ල දක්වා ගමන්ගත් 39 හැවිරදි සංචාරකයා වටවල සහ හැටන් දුම්රිය ස්ථාන අතරදී සිය බෑගය අස්ථානගත වී ඇති බව දැනගෙන වහාම හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර ඇත.

 

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති අතර, අස්ථානගතවූ ගමන් බෑගයට සමාන බෑගයක් අරගෙන දුම්රියට පැමිණි පුද්ගලයෙකු ගැන වටවල ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගමන් කළ බවට තහවුරු වී තිබුණි.

 

පසුව ඒ සම්බන්ධයෙන් අදාළ ත්‍රිරෝද රථ රියදුරු සොයාගෙන කරුණු විමසීමේ දී එවැනි බෑගයක් සහිත පුද්ගලයෙකු ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වූ ලංගම බස්රථයක නැග ගමන් කළ බවට තහවුරු වී ඇත.

 

ඒ අනුව අදාළ බස් රථය ඩිපෝව තුළ නතර කර තිබිය දී සොයා ගෙන ඇති අතර, එහිදී විදේශිකයාගේ අත්බෑගය සොයාගැනීමට හැකිව තිබුණි.

 

පසුව තම බෑගය සොයාගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයා සිය ස්තූතිය පළ කර තිබූ අතර, බෑගය යම් පුද්ගලයෙකු වැරදීමකින් රැගෙන යන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

 

බෑගය රැගෙන ගිය පුද්ගලයා හඳුනාගැනීම සඳහා CCTV දර්ශන ඔස්සේ විමර්ශනයක් සිදුකරන බවද වටවල පොලීසියේ නිලධාරින් පැවසිය.

views

148 Views

Comments

arrow-up