“කිරි පැකට් එක ගේන්න ඩොලර් නැතුව ඇමතිලාට බුරුතු පිටින් රට යන්න ඩොලර් කොහෙන්ද?”
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
28

“කිරි පැකට් එක ගේන්න ඩොලර් නැතුව ඇමතිලාට බුරුතු පිටින් රට යන්න ඩොලර් කොහෙන්ද?”

“කිරි පැකට් එක ගේන්න ඩොලර් නැතුව ඇමතිලාට බුරුතු පිටින් රට යන්න ඩොලර් කොහෙන්ද?”

රටේ ජීවත්වන කිරි දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් ගෙන්වීමට ඩොලර් නොමැති තත්ත්වයක් තිබුණත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට බුරුතු පිටින් විදේශ ගතවීමට ඩොලර් කොහෙන්දැයි වහාම රටට හෙළි කළ යුතුයැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

 

ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමටවත් රටෙි ඩොලර් නැති බව කී එජාප මහ ලේකම්වරයා දේශපාලකයන්ට පවුල් පිටින් රට සවාරි යෑමටත් කෝවිල් වලට ගොස් පූජා පැවැත්වීමටත් ඩොලර් තිබෙන බවද කීවේය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වූ වාමාංශික ආණ්ඩු පැමිණි සෑම අවස්ථාවකදීම මිනිස්සුන්ට උරුම වූයේ බඩගින්න සහ හාමත පමණක් බවද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

views

776 Views

Comments

arrow-up