විල්පත්තු විනාශයට කෝටි 121 ක් රිෂාඩ් අයකර ගැනීමට නිර්දේශ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

විල්පත්තු විනාශයට කෝටි 121 ක් රිෂාඩ් අයකර ගැනීමට නිර්දේශ

විල්පත්තු විනාශයට කෝටි 121 ක් රිෂාඩ් අයකර ගැනීමට නිර්දේශ

විල්පත්තු පාරිවාර රක්ෂිතයේ  වන විනාශය නැවත වන වගාවක් සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් රුපියල් කෝටි  121ට  වැඩි මුදලක් ගෙවියයුතු බවට වන විනාශය සම්බන්ධයෙන් සොයාබැලෙන ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ.

 

ඒ සම්බන්ධයෙන් වන නිර්දේශයන් නීතිපතිවරයා සහ රිෂාඩ් බදියුදීන් මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

 

පරිසර යුක්ති කේන්ද්‍රය විල්පත්තු වන සංහාරයට එරෙහිව 2015දී අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබීය.

 

එමෙන්ම අනවසර ඉදිකිරීම් හේතුවෙන් දැඩි පාරිසරික හානි සිදුව ඇති බවත් අදාළ එළිකිරීම නීතිවිරෝධී බවට තීන්දුකර දැනට සිදුකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් පෙත්සම්කාර, පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචණාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

 

මෙම නඩුවේ තීන්දුව 2020 නොවැම්බර් 16 වැනිදා අභියාචනාධිකරණය ලබාදෙන්නේ, විල්පත්තු රක්ෂිතය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර එළිකොට අනවසර ජනාවාස ඉදිකිරීම නීතිවිරෝධී බවත් එළිපෙහෙළි කළ වනාන්තර කලාපයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පෞද්ගලික වියදමින් වන වගාව සිදුකිරීමට පියවර ගන්නා ලෙසට ය.

 

views

844 Views

Comments

arrow-up