JAN
17
බොරැල්ල මහල් නිවාසයකින් කෝටි 02 ක හෙරොයින්

බොරැුල්ල, සිරිසඳ උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසක තිබී හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 01 යි ග‍්‍රෑම් 648 ක් පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් ඊයේ රාති‍්‍රයේ සිදුකළ වැටලීමකදී සොයාගෙන තිබෙනවා.
මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 02 කට ආසන්න බවටයි සැක කෙරෙන්නේ.
අදාළ නිවසේ තිබී රුපියල් හය ලක්ෂ 10,000 ක මුදලක් ද සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් 59 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන් කළා.
635 Views
Comments